Come boldly to My throne when you need to find mercy and grace (Read: Hebrews 4:16)
ඔබට කරුණාව හා අනුග්‍රහය සොයා ගැනීමට අවශ්‍යවූ විට නිර්භීතව මාගේ සිංහාසනය වෙත එන්න. (කියවන්න: හේබ්‍රෙව් 4:16).
I have given you the Spirit of adoption so you can call Me Father. (Read: Romans 8:15).
පුත්‍රකමේ ආත්මය මා ඔබට ලබා දී ඇති බැවින් ඔබට පියාණන් යැයි මා ඇමතිය හැකි ය. (කියවන්න: රෝම 8:15).
I am your light and your salvation, the strength of your life. (Read Psalm 27:1).
මම ඔබේ ආලෝකය සහ ඔබේ ගැළවීම ද, ඔබේ ජීවිතයේ ශක්තිය ද වන්නෙමි. (කියවන්න: ගීතාවලිය 27: 1)
My love is patient and kind, and does not keep track of wrongs. (Read: 1 Corinthians 13:4-5).
මාගේ ප්‍රේමය ඉවසිලිවන්ත හා කරුණාවන්ත ය, වැරදි පසුපස ලුහු බඳින්නේ නැත. (කියවන්න: 1 කොරින්ති 13: 4-5).
Draw near to Me and I will cleanse you from an evil conscience (Read Hebrews 10:22).
මා වෙතට ළං වන්න, නපුරු හෘදය සාක්ෂියකින් මම ඔබ පවිත්‍ර කරන්නෙමි (කියවන්න: හෙබ්‍රේව් 10:22).
The Spirit of life in Christ has set you free from sin and death. (Read Romans 8:2). ක්‍රිස්තුස්වහන්සේ තුළ ජීවනයේ ආත්මයාණන් ඔබ පාපයෙන් හා මරණයෙන් නිදහස් කර ඇත. (රෝම 8: 2).
I have chosen you to be My own treasured possession. (Read: Deuteronomy 7:6).
මා සන්තක වටිනා වස්තුවක් ලෙස මම ඔබ තෝරාගෙන ඇත්තෙමි. (කියවන්න: ද්විතීය කථාව 7: 6).
My love stretches to the heavens and My faithfulness extends above the clouds. (Read Psalm 36:5 ).
මාගේ ප්‍රේමය අහස දක්වා විහිදෙන අතර මාගේ විශ්වාසවන්තකම වලාකුළු වලට ඉහළින් පැතිරෙන්නේ ය. (කියවන්න: ගීතාවලිය 36: 5).
I have called you to My eternal glory in Jesus Christ. (Read: 1 Peter 5:10).
ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ මාගේ සදාකාලික මහිමයට මම ඔබ කැඳවූවෙමි(කියවන්න: 1 පේදුරු 5:10).
Those who overcome will not be hurt by the second death. (Read: Revelation 2:11 ). ජයගන්නා අයට නම් දෙවෙනි මරණයෙන් අනතුරු නොවන්නේය (කියවන්න: එළිදරව් 2:11).
Jesus is happy to share His inheritance with you (Read: Romans 8:16-17 ).
ජේසුස්වහන්සේට ස්වකීය උරුමය ඔබ හා බෙදාගැනීම ප්‍රීතියක් ය. (කියවන්න: රෝම 8:16-17)
I have given you My Spirit, so your body could be My temple (Read: 1 Corinthians 6:19 ).
මම ඔබට මාගේ ආත්මය දී ඇත්තෙමි; එබැවින් ඔබගේ ශරීරයට මාගේ මාළිගාව විය හැකිය.(කියවන්න: 1 කොරින්ති 6:19).
I will give you My strength and bless you with My peace. (Read : Psalm 29:11)
මාගේ ශක්තිය ඔබට ලබා දෙමින් මම ඔබට සමාදානයෙන් ආශිර්වාද කරන්නෙමි. (කියවන්න: ගීතාවලිය 29:11).